2025.03.03 වන දින රාත්රී කාලයේ මඩකලපුව පොලිස් වසමේ කල්ලඩි පාලම අසල මාර්ගයේදී පුද්ගලයෙකුට පහරදීමෙන් තුවාල ලබා මඩකලපුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට මඩකලපුව පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරු වයස අවුරුදු 31 ක් වූ පේතාලෙයි, වාලච්චේන ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරු එළවලු වෙළඳාමේ නිරත වන පුද්ගලයෙකු වන අතර තවත් පිරිසක් සමඟ සිදු වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් ඔවුන් විසින් සිදු කල පහරදීමකින් මෙම ඝාතනය සිදුව ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත. අපරාධය සම්බන්ධයෙන් සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22, 24, 28 හා 50 ක් වන මඩකලපුව ප්රදේශයේ පදිංචිකරුවන් වේ.