Spread the love

දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් සියයට තිහකට ආසන්න පිරිසක් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වලට තරග නොකිරීමට සලකා බලමින් ඇති බව වාර්තා වෙයි.

ඊට හේතු වී ඇත්තේ ඔවුන්ට බලපා ඇති ආර්ථික ආ වෙනත් ගැටලුයි.

වාහන බලපත්‍ර මන්ත්‍රීවරුන්ට නිකුත් කිරීම තාවකාලිකව නතර කර තිබීම නිසාව පාර්ලිමේන්තුවට පලමු වරට පත්වූ බොහෝ නවක මන්ත්‍රීවරුන්ට සිය මැතිවරණ ප්‍රචාරක වියදම පවා ආවරණය කර ගැනීමට නොහැකි වී තිබේ.

බොහෝ නවක මන්ත‍්‍රීවරුන් සිය මැතිවරණ ප්‍රචාරක වියදම ආවරණය කරගත්තේ මන්ත්‍රීවරයකු ලෙස පත්වීමෙන් ලැබෙන වාහන බලපත්‍රය අලෙවි කිරීමෙනි.

වාහන බලපත්‍රය මැතිවරණය කලින් නොලැබුණහොත් මැතිවරණයට තරග නොකිරීමටද බොහෝ දෙනකු තීරණය කර තිබේ.

දැනටමත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශයට පැමිණෙන මන්ත‍්‍රීවරුන් බොහෝ පිරිසක් වාහන බලපත්‍රය සම්බන්ධයෙන් විමසීම් කරමින් තිබේ.

නමුත් මේ වනතෙක් මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් තීරණයක් ගෙන නැත.