Spread the love

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට (09) දින පස්වරුවේ සිට කඩින් කඩ හමා යන දැඩි සුලං තත්ත්වයක් හේතුවෙන් හැටන් නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයට ගසක් කඩා වැටිමෙන් එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇති බව හැටන් පොලිසිය පැවසිය.

එම මාර්ගයේ වනරාජා වත්ත ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගය අභියස පිහිටි විශාල ගසක් මාර්ගයට කඩා වැටි ඇති බවත්, කඩා වැටුණු ගස කපා ඉවත් කිරිමට වතු පාලන අධිකාරියට සහ මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයට දැනුම් දි ඇති බවයි හැටන් පොලිසිය කියා සිටියේ.