Spread the love

මත්තල ගුවන්තොටුපොලේ කළමනාකාරීත්වය ඉදිරි සති කිහිපය තුළ රුසියානු – ඉන්දියා හවුල් ව්‍යාපාරයකට ලබාදීමට කටයුතු කරන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

එසේම ශ්‍රී ලංකන් ගුවන් සමාගම කිසිසේත්ම විකිණීමට කටයුතු නොකරන බවත්, සිදු කරන්නේ ප්‍රතිව්‍යුහගතරණය කිරීමක් පමණක් බවද මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන්කළේය.

නීතිය අනුව පවා වෙනත් සමාගමකට ලබා දිය හැක්කේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස්වලින් 49% ක් පමණක් බවත්, කෙසේ නමුත් මේ දක්වා ඊට සුදුසු ආයෝජකයකු ඉදිරිපත් වී නොමැති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.