Spread the love

පිටිගල පොලිස් බල ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක් ඊයේ (13) දින ක්‍රියාත්මක කොට මත් ද්‍රව්‍ය ඇතුලු විවිධවැරදි සම්බන්ධයෙන් සැකකරුවන් රැසක් අත් අඩංගුවට ගත් බව පිටිගල පොලිසිය පවසයි.
වරෙන්තුකරුවන් 10ක්, නීති විරෝධී මත්පැන් ජාවාරම් කරුවන් 2 ක් නිතී විරෝධී පස් ප්‍රවාහනය රථයක්, පොරවගම,තල්ගස්පේ,පිටිගල හා කටුකැටිය යන ප්‍රදේශවලදී අත් අඩංගුවට ගැනීමට පොලිසිය සමත්විය
මෙහිදී වරෙන්තු කරුවන් 08 දෙනෙකු ඇල්පිටිය මහෙත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට ඇල්පිටිය මහේස්ත්‍රාත් වරයා නියෝග කල අතර ඉතිරි දෙදෙනා පොලිස් ඇප මත නිදහස් කල බව පොලිසිය කියයි.
අනෙකුත් සැකකරුවන් ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.