Spread the love

තමන් මාල කැඩු බවට පොලිස් පොතක කිසියම් හෝ පැමිණිල්ලක් පෙන්නුවහොත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.

ඔහු පාර්ලිමේන්තුවේදී කියා සිටියේ තමන් මාල කඩනවා දැක්ක හෝ ඒ සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු දන්න එක් අයෙකු හෝ සිටී නම් ඉදිරිපත් වන්නැයි අභියෝග කරන බවයි.

තමනට ගෙදර අය කුඩා කල ආදරේට කීවේ ‘රත්තරන්’ ලෙස බවත් ඕනෑම පුද්ගලයකුට පොඩි කාලේ ගෙදරට එවන් නමක් ඇති බවත් ඔහු සඳහන් කළේය.

දේශපාලනයට පැමිණෙන් පසු තමන්ට සමාජ මාධ්‍ය විසින් සමාජගත කර ඇත්තේ ‘රත්තරන්’ කියා නම පටබැඳී ඇත්තේ මාල කැඩීම නිසා බවද ඔහු තවදුරටත් කියා සිටියේය.