Spread the love


භෞතික සම්පත් හා මානව සම්පත් හිගවීම හේතුවෙන් හෙට දිනයේ දුම්රිය ධාවනය පිළිබදව දැඩි අවිනිශ්චිත තත්ත්වයක් උදාවී ඇතැයි දුම්රිය දෙපාර්තුමේන්තුවේ ජේෂ්ඨ නිලධාරියකු පැවසුවේය.
දිනෙන් දින පීලි පැනීම් දැඩි සේ වැඩි වුවත් ඒවාට පිළියම් යේදීමට දුම්රිය දෙපාර්තුමේන්තුවට කිසිදු ක්‍රමවේදයක් නොමැතිව පවතියි . ම්න්ද මේ වනවිට දුම්රිය පීලි  ,ඒවාට අවශ්‍ය ඇන මුරිච්චි ,සපත්තු හා දුම්රිය එංජින් වලට අවශ්‍ය තිරිංග පලු ,බේක් කොට ඇන ඇතුළු උපකරණ වල විශාල අඩුවක් පවතියි. ඒ වාගේම සේවක සංඛ්‍යාවේද දහදහසදකට වැඩි පුරප්පාඩුවක් පවතී . මේ සියල්ල තබාගෙන මෙසේ හෝ දුම්රිය ධාවනය කිරීමට පිළිබදව බලධාරීන් සතුටු විය යුතුයි.


මන්ද අද මගීන් විශාල වශයෙන් බස් ගාස්තුව හා සැසදීමේදී සියයයට හැටක් පමණ දුම්රිය ගාස්තුව අඩුයි .එම නිසා මගීන් විශාල වශයෙන් දුම්රියේ ගමන් කිීරිමට පුරුදු සිටිති. වාර ප්‍රවේශ පත්‍රයක් ගත්විට එදිනදා ප්‍රවේශපත්‍ර ලබා ගන්නා ගාස්තුවෙන්ද සියයට හැටක පමණ අඩුවක්ද පවතියි .මේ හේතුන් නිසා කාර්යාල මගීන් විශාල වශයේන් දුම්රිය භාවිතයට පුරුදු වි සිටිති. නමුත් භෞතික සම්පත මෙන්ම මානව සම්පතද අඩුවීමත් සමගින් දුම්රිය ධාවනය මේ අයුරින් හෝ සිදුකිරීම පිළිබදව ඇගයීමකට ලක්කළ යුතු බවද අදාල නිළාධාරියා පැවසුවේය.


නමුත් දුම්රිය පීලි නොමැතිකම,ඇන මුරුච්චි නොමැතිකම බේක් කොට නොමැත යන අඩුපාඩු රාශියක් තබාගෙන දුම්රිය පිලිපනිමින් මෙසේ හෝ ධාවනය කලද හෙට දිනයේ දුම්රිය ධාවනය ඉතාම භයානක තත්ත්වයක් උදාවන ඇත.
මේ හේතුන් නිසා දිනපතාම ධාවනය වීමට තිබෙන දුම්රියයන් අවලංගු කිරීම්ද විශාල වශයෙන් සිදු කෙරේ. දුම්රිය සේවාවක් වුවද අඩුපාඩු වලින් දෙපාර්තුමේන්තු පිරී ඇති බැවින් දුම්රිය මගීන් හට දැඩි සේ දුෂ්කරතා වලට මුහුණ දීමට සිදුවනු නොඅනුමානයි. බලධාරින් දුම්රිය අධිකාරි බවට පත් කළත් මේ අඩුපාඩු සපුරා නොගන්නේ නම් හෙට දිනයේ දුම්රිය ධානයට කණකොකා හඩනු නොඅනුමාන යැයිද අදාල ජේෂ්ඨ නිළධාරියා වැඩි දුරටත් පැවසුවේය.


රාජ්‍ය සේවකයින් දුම්රිය සේවාව ගැනම බලා නොසිට තම ආයතන මට්ටමින් ප්‍රවාහන සේවාවන් සපුරා නොගත හොත් දැඩි අපහසුතාවයට පත්වනු නොඅනුමානයි.
දෙපාර්තුමේන්තුව අධිකාරි බවට පත් කලාට කිසිවකු විරුද්ධ නොවන අතර අධිකාරියටත් මේ නිලධාරින්ම පත් කළහොත් දුම්රියට කිසිදු සරණක් අත් නොඅනු ඇතැයිද ජේෂ්ඨ නිලධාරීය වැඩි දුරටත් පැවසුවේය.