Spread the love

යාපනය පලාලි පොලිස් වසමේ වාසවිලාන් ප්‍රදේශයේ පිහිටි හුනුගල් කැනීමේ ස්ථානයක භූමියේ භූගත පතුරම් ගබඩාවක් සොයාගත් බවට යාපනය පොලිස් විශේස කාර්ය බලකාය පවසයි.

හුනුගල් කැනීමෙ ස්ථානයේ සේවකයින් පිරිසක් විසින් පොළව හාරමින් සිටියදී පොළව යටින් කිසියම් පෙට්ටියක කොටසක් මතුවීම හේතුවෙන් ඒ පිළිබඳව යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට දැනුම් දෙන ලදි.

පසුව යාපනය පොලිස් විශේෂ කර්ය බලක කඳවුරු අණදෙන නිලධරී ප්‍රධාන පොලිස් පරික්ෂක විජේරත්න මහතාගේ නියෝග හ උපදෙස් පරිදි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාල ස්ථානයේ සිදුකරන ලද වැඩිදුර කැනීමකින් උණ්ඩ විශාල ප්‍රමාණයක් ගොඩගන්නා ලදි.

මේ අනුව ටී.56 ස්වයංක්‍රීය ගිනි අවි සඳහා යොදාගන්නා පතුරම් 37,000 අඩංගු කොට තිබූ පෙට්ටි 50 ක් සහ හැක් හැක් සහ ෆයිව් සීරේ වර්ගයේ බරඅවි සඳහ යොදාගන්නා උණ්ඩ 400 ක් තිබී සොයාගනු ලැබීය.

යුද සමයේදී අදාල උණ්ඩ කොටි ත්‍රස්ත සංවිධානය මගින් මතු ප්‍රයෝජනයන් සඳහා මෙම ස්ථනයේ උන්ඩ වලදමා තබන්නට ඇතැයි පොලිස් විශේෂ කර්ය බලකාය සැක පල කරන වැඩිදුර පරික්ෂණ කටයුතු පලාලි පොලීසිය සිදුකරයි.