සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් 22 වන වරට ක්‍රියාත්මක කරන බෞද්ධාලෝක වෙසක් වැඩසටහන මෙවරත් උතුම් වූ වෙසක් මස පුර පසලොස්වක දින සිට දින සිට මේ මස 08 දක්වා පැවැත්වෙන බව සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතා පවසයි.
සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනයට වසර 103ක් ගතවූ අතර සෑම පුර පසලොස්වක පොහෝ දිනකම සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනය දාන, ශීල, භාවනා වැඩසටහන් පවත්වනු ඇත. මෙවර වෙසක් උත්සවයට සමගාමීව සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේදී උදෑසන 05.30 සිට සවස් වන තුරු අෂ්ඨාග ශීල සමාදානයත් , භාවනා වැඩසටහන්, ධර්ම සාකච්ඡා ඇතුළු වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.
සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනය එදා සිට මේ දක්වා ක්‍රියාත්මක වූ සර්වඥ ධාතු වන්දනාව අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් ඇරඹුන අතර පැය 24ම පවත්වාගෙන යන දන්සල එදින ඇරඹෙන බවද දිනකට 5000කට පමණ පිරිසකට ලබාදීමට බලාපොරොත්තු වෙයි.

පාසල් දරුවන් සහ විශේෂ පුද්ගලයන් සහභාගී කරගනිමින් සිදුකරන භක්ති ගීත වැඩසටහන සහ ත්‍රිවිධ හමුදාව ඇතුළුකණ්ඩායම් වලින් ක්‍රියාත්මක වන බොදු බැති ගී සරණිය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාව ඉදිරිපිට විශේෂ පීඨිකාවේදී පවත්වෙයි.
දරුවන් වෙනුවෙන් චිත්‍ර තරඟයත් පවත්වා එයින් තේරී පත්වන දූ දරුවන්ගේ චිත්‍ර ඩිජිටල් රූපරාමු තුළ ප්‍රදර්ශනය කරමින් චිත්‍ර ප්රදර්ශනයක්ද සංවිධානය කර තිබේ. සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපතිවරයා සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනය එදා සිට මෙදා දක්වා සිදුකළ කනත්ත වටරවුමේ සිට තුම්මුල්ල දක්වා වූ ආලෝකකරණය පහන් කූඩු අටපට්ටම් කූඩු ආදිය යොදා ගනිමින් කරනු ලබන සැරසිලි මෙවර ජනපතිගේ අභිලාෂය අනූව ගාලුමුවදොර දක්වාම සිදු කෙරේ.
විශේෂ ධර්මදේශකයාණන්වහන්සේලා විසින් සිදුකරන විශේෂ ධර්මදේශනා වැඩසටහනක් 6,7, 8 යන දින වල ක්‍රියාත්මක කෙරේ.