Spread the love

ව්‍යාජ ලියකියවිලි හා තොරතුරු ඉදිරිපත් කර බ්‍රිතාන්‍ය වෘත්තීය වීසා බලපත් තරහා ශ්‍රී ලාංකිකයන් ද ලක්ෂයකට අධික ප්‍රමාණයක් එරටට පැමිණ ඇති බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.

බ්‍රිතාන්‍ය රජය විසින් මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් ව්‍යාජ සහතික රැසක්ද විමර්ශන කණ්ඩායම් විසින් සොයාගෙන ඇති බවත් වාර්තාවල දැක්වෙයි.

විශාල මුදලක් ඒජන්සිකරුවන් වෙත ගෙවා වෘත්තීය වීසා බලපත්‍ර ලබාගෙන ඇති අතර එසේ ලබාගත් වෘත්තීය වීසා බලපත් මගින් බ්‍රිතාන්‍යයට පැමිණ ඇති ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව එක් ලක්ෂ පනස් දහසකට අධිකය.