ඉදිරි දින කිහිපය ඇතුළත ශ්‍රී ලංකාවවේ නිරිතදිග කොටසට තද වැසි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බෙංගාල බොක්කේ වර්ධනය වෙමින් ඇති අඩු පීඩන කලාපය හේතුවෙන් නිරිත දිග මෝසම සක්‍රීය වීමේ තත්ත්වයක් ඇති ව තිබෙන බව ද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
වැසි ඇතිවන අවස්ථාවලදී අකුණු අනතුරු අවම කරගැනීම සඳහා අවශ්‍ය සූදානමින් සිටින ලෙසද ඔවුන් ඉල්ලා සිටියි.