Spread the love

මුල්කිරිගල – ගුණරත්න

බීමතින් යතුරු පැදියක් ධාවනය කල අයකු වේගය පාලනය කර ගැනීමට නොහැකිය පාරෙන් ඉවතට පැන කණුවක හැපී බරපතල තුවාල සිදු වීමෙන් පසු ප්‍රතිකාර සදහා රෝහල් ගත කිරීමෙන් පසු මියගිය පුවතක් හම්බන්තොට පොලීසියෙන් වාර්තාවෙයි
අනතුර සිදු වී ඇත්තේ කොළඹ – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ හම්බන්තොට 247 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී ඊයේ (20) සවස හයට පමණය.
අනතුරින් මිය ගොස් ඇත්තේ වීරකැටිය රන්න පාර අනෝදාව අමරගිරි නිවසේ පදිංචි රුමේෂ් චතුරංග අමරසිංහ නමැති 32 හැවිරිදි තරුණයෙකි .
ජීවිතක්ෂයට පත් තරුණයාගේ මෘතදේහය හම්බන්තොට මහ රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇත .

හම්බන්තොට පොලිසියේ (වැ.බ.) පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි එහි රථවාහන අංශයේ නිළධාරින් අනතුර ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වයි .