Spread the love

කොටුව දුම්රිය ස්ථානයේ දුම්රියක් තුළ අතහැර දමා ගිය බිළිඳාගේ මව අත්අඩංගුවට ගත් බණ්ඩාරවෙල මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයාට එරෙහිව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරඇත.

. සැකකාර කාන්තාව අත්අඩංගුවට ගැනීම, ප්‍රශ්න කිරීම, විමර්ශනයේ තොරතුරු පිළිබඳව සැලකිලිමත් වීමකින් තොරව ඇය අපහසුතාවට පත් වන ආකාරයට කටයුතු කිරීම සහ ළමුන් හා කාන්තාවන් සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව පොලිස්පතිවරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ අනුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝග මත පොලිස් විශේෂ විමර්ශන ආරම්භ කර තිබේ .