Spread the love

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඊට අදාල ලිපිය ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත බාර දී ඇත.

වෙනත් ස්ථානයකට යෑම සඳහා තමන් ඉල්ලා අස්වූ බව වීරසිංහ මහතා පැවසුවේය.

මේ වන විටත් ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ පවතින ආයතන හයෙන් හතරකම සභාපතිවරුන් ඉල්ලා අස්වී තිබේ.

ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන, ලංකා ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය බන්දුල දිලීප විතාන, ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය රුවන් විජයමුනි, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ යන අය එසේ ඉල්ලා අස්වූය.