Spread the love

දිවයිනේ ප්‍රසිද්ධ කෙටි ආහාර නිශ්පාදන අලෙවි සලකින් මිළදීගත් බිත්තර රෝල්ස් එකක ප්ලාස්ටික් හෝ රබර්වලට සමාන බිත්තරයක් තිබූ බවට පාරිභෝගිකයකු පැමිණිල්ලක් කළ බව බෙන්තර සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය කියයි.

අලුත්ගම , කළුවාමෝදර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු කළ පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කරන බව සදහන් වේ.

පැමිණිලිකරු තවත් අයකු සමග බෙන්තර පිහිටි අවන්හලට ගොස් බිත්තර රෝල්ස් එකක්, බනිස් ගෙඩියක්, මාළු චයිනිස් රෝල්ස් එකක්,එළවළු රොටියක්, වතුර බෝතලයක් කොකාකෝලා බීම බෝතලයක් සහ නෙස්කැෆේ එකක් රුපියල් 1230 ක් ගෙවා මිළදී ගෙන ඇත.

බිත්තර රෝල්ස් එකේ තිබූ බිත්තරයකට සමාන සුදු බෝලය හැපීමට නොහැකි වූ බව ඔහු කියා ඇත.