Spread the love

බිත්තර මිළ පහළ දැමුවද බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදන මිල ගණන් පහත දැමීමට හැකියාවක් නොමැති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසීය.

බේකරි නිෂ්පාදන වල මිළ ගණන් සංශෝධනය කරනුයේ තිරිගු පිටි මිල අනුව බව පැවසීය.

එසේ වුවද බිත්තර මිල අඩුවීමේ වාසිය හැකිනම් පාරිභෝගික ජනතාවට ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටියේය.

තිරිගු පිට් මිල අඩුකිරීමට රජය කටයුතු කරන්නේනම් බිත්තර ඇතුළු අනෙකුත් අමුද්‍රව්‍ය අඩුවීමේ වාසිය ද පාරිභෝගික ජනතාවට ලබාදීමට කටයුතු කරන බව වැඩිදුරටත් පැවසීය.