Spread the love

මේ දිනවල විදේශගතව සිටින බැසිල් රාජපක්ෂ මහතා නැවත මෙරටට පැමිණි පසු ඉදිරි මැතිවරණවලට අවශ්‍ය තීන්දු තීරණ ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

මහ මැතිවරණයක් පැවැත්වුවත් ජනාධිපතිවරණයක් පැවැත්වුවත් ඒ දෙකටම පක්ෂය සූදානම්ව සිටින බවත් ඔහු පැවසීය.

අද මෙරට ඇති ශක්තිමත්ම පක්ෂය පොදු ජන පෙරමුණ බවත් පැවසූ ඔහු බැසිල් රාජපක්ෂ මහතාගේ සංවිධායකත්වයෙන් සැලසුම්වලින් පක්ෂයේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වන බව සඳහන් කළේය.

බැසිල් රාජපක්ෂ මහතාගේ ක්‍රියාකාරීත්වය හා සංවිධායකත්වයට සම කල හැකි කිසිම දේශපාලන පක්ෂයක නායකයෙක් සිටිතැයි තමන් නොසිතන බවද හෙතෙම පැවසීය.

මධ්‍ය වෙත මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කරන ලද්දේ කොළඹදීය.