Spread the love

කරවල, හාල්මැස්සන් සහ පළතුරු ආනයනයේ දී බැර ලෝහ සහ ආසනික් මට්ටම් පරීක්ෂා කිරීම අද සිට අනිවාර්ය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර උපදේශක කමිටුව තීරණය කර තිබේ.

මෙරටට ආනයනය කරනු ලබන ඇතැම් කරවල, හාල්මැස්සන් සහ පළතුරු තොගවල බැර ලෝහ සහ ආසනික් විශාල වශයෙන් අඩංගු බවට තොරතුරු අනාවරණය වීමත් සමග මෙම පියවර ගෙන ඇත.

ඇතැම් ආනයනික පළතුරු තොගවල බැර ලෝහයක් වන ලෙඩ් නමැති රසායනිකය විශාල වශයෙන් අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය සිදුකළ සමීක්ෂණයකදී අනාවරණය වී තිබේ.

මෙම තත්ත්වය මහජන සෞඛ්‍යයට හානි කරවන අතර හාල්මැස්සන් සහ පළතුරු ආනයනයේදී බැර ලෝහ සහ ආසනික් මට්ටම් පරීක්ෂා කිරීමටත් ආනයනික පළතුරුවල අඩංගු ලෙඩ් හෙවත් ඊයම් ප්‍රතිශතය පිළිබදව පරික්ෂා කිරීමත් අද සිට අනිවාර්යය කිරීමට තීරණය කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය සඳහන් කළේ එමෙන්ම මෙම ආහාර මෙරටට ආනයනය කිරීමේදී බැර ලෝහ තිබිය හැකි අවම ප්‍රමාණයට වැඩිපුර අඩංගුව නොමැති ආහාර ද්‍රව්‍ය පමණක් ආනයනයට අදාළ සමාගම් සහ පුද්ගලයින් වගබලා ගත යුතු බවය.

මේ අතර මෙම කරුණු සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීමට 0112 11 27 18 යන විශේෂ දුරකථන අංකයක් ද ආහාර පාලන ඒකකය විසින් හදුන්වා දී තිබේ.