Spread the love

.

මාතර නුවන්

2023 වසර තුළදී ජනාධිපති ප්‍රදානය දිනාගත් බාලදක්ෂ බාලක බාලිකාවන්හට සහතිකපත් ප්‍රදානය දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ ප්‍රදානත්වයෙන් ගාල්ල නගර ශාලාවේ දී ජුනි (02) වැනිදා පැවැත් වේ.
එහිදී බාලදක්ෂ දිස්ත්‍රික්ක 19ක් නියෝජනය කරමින් බාලදක්ෂ බාලක බාලිකාවන් 255 දෙනකු සහතික පත් හිමි කරගන්නා අතර බාලදක්ෂයකුහට සිය ජීවිතයේ දිනාගත හැකි ඉහළම පදක්කම මෙය වේ.
ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ සහාය ප්‍රධාන කොමසාරිස් වෛද්‍ය මංජුල සහබන්දු මහතා මෙය සංවිධානය කරයි.
මේ අවස්ථාවට නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් එම්.එෆ්.එස් මුහීඩ් මහතා ඇතුළු සහය ප්‍රධාන කොමසාරිස්වරුන්, මූලස්ථාන කොමසාරිස්වරුන් ඇතුලු විශාල පිරිසක් සහභාගි සිටියහ.