ආනයනික බහාලුම් නිෂ්කාශනයේ පවතින ප්රමාදය හේතුවෙන් බහාලුම් ප්රවාහන රථ 800 – 1000 ක් අතර ප්රමාණයක් වරාය තුළ රැඳී සිටින බව බහාලුම් ප්රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා පවසයි.
ඒ අනුව වරාය අධිකාරිය සහ රේගු දෙපාර්තමේන්තුවේ කළමනාකාරීත්වයේ පවත්නා දුර්වලතා මෙලෙස ආනයනික බහාලුම් රථ නිෂ්කාශනය ප්රමාදවීමට හේතු වී තිබේ.
මේ හේතුවෙන් බහාලුම් රථ නිෂ්කාශනය කරගැනීමට ඇති තදබදය හේතුවෙන් සතියකට ආසන්න කාලයක් රියැදුරන්ට වරාය තුළ රැඳී සිටීමට සිදුව ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්රකාශ කළේ.