Clean Sri Lanka ව්‍යාපෘතියට සමගාමීව සිදුකරන රථවාහන මෙහෙයුම් සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ සංගම් සහ වැඩබලන පොලිස්පතිවරයා අතර අද (08) පැවැති සාකච්ඡාව සාර්ථක බව බස් සංගම් පවසයි.
බස් සංගම් ප්‍රධානින් සහ පොලිස්පතිවරයා අතර පැවැති එම සාකච්ඡාවේදී මූලික කාරණා කිහිපයකට දෙපාර්ශවය එකඟ වූ බවයි ලංකා බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ.
ඒ අනුව බස් සංගම් සැලසුම් කළ දීප ව්‍යාප්ත වර්ජනය සිදු නොකිරීමට තීරණය කර ඇති බව ඔහු සඳහන් කරයි.
පොලීසිය බස් රථවලට සිය සීමාව ඉක්මවා අනවශ්‍ය බලපෑම් සිදුකරන බව පවසමින්, ඊට විරෝධය පළ කිරීම සඳහා මෙම දීප ව්‍යාප්ත වැඩ වර්ජනය දියත් කිරීමට බස් සංගම් ඊයේ (07) එකඟතාවකට එළඹ තිබිණ.