Spread the love

නිමල් රාජපක්ෂ-

තලවකැලේ- නුවරඑළිය මාර්ගයේ ලිඳුල, පාමස්ටන් ප්‍රදේශයේදී අද පෙරවරුවේ බෝගභෝගී බස් රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලබා ​ඇතැයි ලිඳුල පොලීසිය පවසයි.

අනතුරින් බස් රථයේ රියදුරා ඇතුළු මගීන් හතර දෙනෙකු මෙසේ තුවාල ලබා ඇති අතර තුවාල කරුවන් ලිඳුල ප්‍රාදේශීය රෝහලට ප්‍රතිකාර සදහා ඇතුළත් කර තිබේ.