Spread the love

බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් පහළොස් දෙනෙකු රෝහල්ගත කර තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ කොළඹ නුවර මාර්ගයේ වේවැල්දෙණිය ප්‍රදේශයේදීය.

පෞද්ගලික බස් රථයක් හා ලංගම බස් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇත.

අනතුරින් පසු කොළඹ නුවර මාර්ගයේ දැඩි වාහන තදබදයක් සිදුව ඇති බවද පොලිසිය කියා සිටී.