Spread the love

අවිස්සාවේල්ල දෙව්රුම් පිටිය වංගුව අසලදී අද (22) දහවල් පෞද්ගලික මගී බස් දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 28 දෙනෙකු පමණ තුවාල ලබා ප්‍රතිකාර සදහා අවිස්සාවේල්ල මුලික රෝහලට ඇතුළු කර තිබේ.  

තිදෙනකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වෙයි.

කොළඹ සිට ඇඹිලිපිටිය සූරියවැව දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් රත්නපුර සිට කොළඹ දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

සිද්ධිය පිළිබදව අවිස්සාවේල්ල පොලිසිය වැඩි දුර පරික්ෂණ පවත්වයි.