Spread the love

මුල්කිරිගල ගුණරත්න

  පුද්ගලික මගී බස්‍ රථයක අපරීක්ෂාකාරී ලෙස ගමන් කල මගියෙකු කොළඹ - වැල්ලවාය මාර්ගයේ  හම්බන්තොට පීකොක් බීච් හෝටලය අසලදී බස් රියෙන් පිටතට ඇද වැටී ජීවිතක්ෂයට පත්ව ඇතැයි හම්බන්තොට පොලිසිය පවසයි .  

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හම්බන්තොට ,සිප්පිකුලම පදිංචි තුවාන් ඩෝසන් බ්‍රහමාන් නමැති 43 හැවිරිදි තැනැත්තෙකි .
ඔහු ඉකුත් 19 දා උදේ 10.45 ට පමණ බස් රියෙන් පිටතට ඇද වැටී තුවාල ලබා ඇති අතර හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (21) ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයයි
සිද්ධිය පිළිබද හම්බන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.