Spread the love

මෙතෙක් බලපත්‍රයට පමණක් සීමා වී තිබු මෙරට පවුල් ලක්ෂ 20 කට අධික ප්‍රමාණයකට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදෙන “උරුමය” වැඩසටහනඅනාගත ආර්ථිකය වෙනුවෙන් කරන ඉතා වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී ආයෝජනයක් බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක, හිටපු මුදල් අමාත්‍ය, රවී කරුණානායක පවසයි.

එසේම ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණපා මේ වන විට පියවරෙන් පියවර එම තත්ත්වයෙන් මිදෙමින් සිටින රටේ ආර්ථිකය යළි නංවාලීම සඳහා වන වැඩපිළිවෙලට ජනතාවගේ සහභාගිත්වය තහවුරු කෙරෙන පියවරක් ලෙසද උරුමය වැඩසටහන හඳුන්වා දියහැකි බව හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක, හිටපු මුදල් අමාත්‍ය, රවී කරුණානායක මේ බව සඳහන් කර සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් දඹුල්ලේ සිදුකරන ‘උරුමය’ ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාව පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.