Spread the love

හිටපු හමුදාපති දයා රත්නායක මහතා සමගි ජන බලවේගයෙන් ඉවත් නොකරන්නේ නම් බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බව පක්ෂයේ සභාපති ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

ඒ අනුව තමන් මෙම ඉල්ලීම පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් කරන ලද බවත් හෙතෙම පැවසීය.

කෙසේ වෙතත් තමන් පක්‍ෂය හැර නොයන නමුත් එම පත් පත් කිරීමට එරෙහිව කටයුතු කිරීමට සිදුවන බවද ඔහු අවධාරණය කරයි.

දයා රත්නායක මහතා පක්ෂයට එක්කර ගැනීම සම්බන්ධයෙන් පක්‍ෂ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවා එකඟතාවයක් නැති බවද ඔහු සඳහන් කරයි.

හර්්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, කබීර් හෂීම් ඇතුළු මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ම මේ පිලිබදව අප්‍රසාදය තමන් හා සඳහන් කළ බවද ෆොන්සේකා මහතා තවදුරටත් කියා සිටියේය.

පක්ෂයට කැමති ඕනෑම අයෙකු පිළිගැනීම සඳහා කෘත්‍යාධිකාරි මණ්ඩලය හිස් චෙක් පතක් නායකයාට ලබා දී නැති බවත් කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම පැවසුවේය.