Spread the love

බන්ධනාගාර නිලධාරීන් ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ ක්ෂණික වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීම හේතුවෙන් දිවයින පුරා අධිකරණ කටයුතු සඳහා බාධා එල්ලවිය.

රැදවියන් අධිකරණ වෙත ගෙන ඒමට නොහැකි වීමෙන් එම තත්ත්වය හටගෙන තිබේ.

මේ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාට නියෝග කර ඇතිබව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී දිසානායක මහතා පැවසීය.