Spread the love

වෘත්තීය දැනුමින් පිරි උපාධිය ලබා ගැනීම සඳහා පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ඇතුල් වන සිසුන්ට ලක්ෂ 11ක පොළී රහිත ණයක් ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අද (17) කෑගල්ලේ දි පැවසීය.

උසස් පෙළ සමත්වෙන දරුවන් අතරින් රාජ්‍ය විශ්වවිද්‍යාල වෙත ඇතුල් වීමට නොහැකි වන, එහෙත් ලොව රැකියා වෙළඳපොලට සරිලන වෘත්තීය දැනුමෙන් සපිරි උපාධියක් ගන්න උත්සහවන්ත වන සිසුන්ට උපාධිය ලබා ගැනීමට රුපියල් ලක්ෂ අටක ණය මුදලක් හා පෞද්ගලික වියදමට ලක්ෂ තුනක් ලෙසින් ලක්ෂ 11ක් රාජ්‍ය බැංකු මගින් ලබා දීමට රජය පියවර ගෙන තිබේ.

මෙම ණය මුදල උපාධිය ලබා වසරකින් පසු ආපසු ගෙවීමට පහසුකම් සලසා තිබෙන බව ඔහු සඳහන් කළේය.