Spread the love

නිමල් රාජපක්ෂ-

ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම නිමිත්තෙන් ගම්පහ  දිස්ත්‍රික්කයේ මීරිගම කොට්ටාශයේ දරුවන්ගේ හා ගර්භනී කාන්තාවන්ගේ පෝෂණ මට්ටම ඉහළ  නැංවීමට ප්‍රාදේශීය ලේකම් ප්‍රසාද් ඉන්දික මහතා හා සහකාර ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මියගේ උපදෙස් මත කොස්, කොස් ඇට, පොලොස් වලින් සැකසිය හැකි පෝෂ්‍යදායි අහාර වර්ග සැකසීමේ තරගාවලියක් කාන්තා සමිති මට්ටමින් මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

මෙහිදී කොස් කොළ කැඳ මෙන්ම කෘතීම රසකාරක නොමැතිව කොස් මදුළු, කොස් ඇට හා පොලොස් වලින් සැකසූ ඉතා ප්‍රනීත රසයෙන් යුක්ත විවිධ ආහාර වර්ග 40ක් පමණ සකසනු ලැබීය.

අඩු වියදමකින් හා පහසුවෙන් සපයාගත හැකි දේශීය අමුද්‍රව්‍ය මගින් පෝෂ්‍යදායි ආහාර ප්‍රචලිත කිරීමත්, හෙළ බොජුන් හල් මගින් මෙවැනි  ආහාර සදහා වෙළදපලක් ඇති කිරීමත් මෙම  තරගාවලියේ  අරමුණ විය.

මීරිගම ආයුර්වේද රෝහලේ වෛද්‍ය හිනයා මහත්මිය ඇතුළු විනිශ්චය මණ්ඩලයක් මගින් තරගාවලියේ  ජයග්‍රාහකයන් තෝරා ගනු ලැබීය.

ප්‍රථම  ස්ථානය මීරිගම කොට්ටාශයේ උතුවම්බෝගහවත්ත වසමේ පුබුදුනි කාන්තා සමිතියටත්, දෙවන ස්ථානය විල්වත්ත වසමේ ආලෝකා කාන්තා සමිතියටත්, තුන්වන ස්ථානය පල්ලෙවෙල වසමේ ගෝතමී කාන්තා සමිතියටත්  හිමි වූහ. තවද  තරගයට ඉදිරිපත් වූ සියළුම සමිති සහ ජයග්‍රාහිකාවන් සදහා රාජ්‍ය බැංකු සහ මීරිගම ව්‍යාපාරිකයන්ගේ අනුග්‍රහයෙන්   ත්‍යාග ලබා දුණි.

මෙම වැඩසටහන මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වනිතා  සංවර්ධන  නිලධාරී  සඳමාලි  දිසානායක මහත්මිය ඇතුළු කාන්තා හා ළමා කටයුතු ඒකකය,  මීරිගම කාන්තා බලමණ්ඩලය හා එක්ව සංවිධානය කරනු ලැබීය.