Spread the love

මෙවර මහ කන්නයට පොහොර මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 12,000 ක් ගොවි ගිණුම්වලටම බැර කිරීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

ඒ අනුව එම මුදල් හෙක්ටයාර් 01 කට රුපියල් 15,000ක් බැගින් ලබාදීමට නියමිත බවත් එම මුදලින් ගොවින්ගේ අභිමතය පරිදි රසායනික පොහොර හෝ කාබනික පොහොර මිල දී ගැනීමට හැකියාව ඇති බවයි සඳහන්.

දිවයින පුරා සිටින ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩල නියෝජනය කරන දිස්ත්‍රික්ක 25ම සභාපතිවරු සමග ඊයේ (20) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සමඟ පැවති සාකච්ඡාවකදී මේ බව සඳහන් කර ඇත.