ජාතික ජන බලවේගය පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඉදිකර තිබූ මැතිවරණ ප්රචාරක කාර්යාලයකට පහරදීමක් සිදු කර තිබේ.
නිකවැරටිය ප්රාදේශීය සභාවේ අපේක්ෂකයෙකුගේ කාර්යාලයකට මෙසේ පහර දීම සිදුකර ඇත.
මෙම පහරදීම සම්බන්ධයෙන් පොලිසිය විසින් පොදුජන පෙරමුණ යටතේ මැතිවරණයට තරග වදින අපේක්ෂකයන් දෙදෙනකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් අපේක්ෂකයන් දෙදෙනා හිටපු ප්රාදේශීය සභා මන්ත්රීවරුන් වන බවද පොලිසිය කියා සිටී.