Spread the love

සිය දියණිය හා වෙනත් පුද්ගලයකු සමගි ඇතිකර ගත් ආරවුලක් බේරිමට ගිය පියාට අදාල පුද්ගලයාගෙන් ලද පොලු පහරදි ඝාතනය කිරීමේ සිද්ධියක් මිනුවන්ගොඩ අළුතැපොල ප්‍රදේශයෙන් වාර්තාවෙයි.

පොලු පහර දිමෙන් පසු බරපතල තුවාල ලැබු 74 හැවිරිදි පුද්ගලයා ප්‍රතිකාර සදහා ගම්පහ මුලික රෝහලට ඇතුළු කිරීමේන් පසු මියගොස් තිබේ.

සිද්ධිය වී ඇත්තේ ඊයේ (28) උදෑසන කාලයේදීයි. මියගිය අයගේ දියණිය පළමු විවාහයෙන් වෙන්වී සිටින අතර ඇය වෙනත් පුද්ගලයෙකු සමග ජීවත් වෙන බවත් ඇය ඔහු සමග ඇති කරගත් ආරවුලකට පියා මැදිහත්වීමෙන් එම පුද්ගලයා පොල්ලකින් පහරදී පියාව ඝාතනය කර තිබේ.
සිද්ධිය පිළිබද මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.