Spread the love

පොලිස් නිලධාරීන්ට බෝ නොවන රෝග වැලඳීමේ ප්‍රවණතාවක් පවතින බව පොලිස් වෛද්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ශාමේන්ද්‍ර රණසිංහ මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ පොලිස් නිලධාරීන්ගෙන් සියයට 20ත් 30ත් අතර පිරිසකට බෝ නොවන රෝග වැලඳී ඇති බවය.

කොළඹ ජාතික අක්ෂි රෝහලේ පැවැති පොලිස් නිලධාරීන්ගේ අක්ෂි රෝග පිළිබඳ පරීක්ෂා කිරීමේ වැඩසටහනකට එක්වෙමින් වෛද්‍ය ශාමේන්ද්‍ර රණසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

“පොලිස් වෛද්‍ය සේවාවේ 96,000 ආසන්න පොලිස් නිලධාරීන් බෝ නොවන රෝග පිළිබඳව ප්‍රතිශතය සියයට 5ත් 10 අතර ප්‍රමාණයකින් වැඩියෙන් වාර්තාවෙනවා. නිලධාරීන් අතර ප්‍රමාණාත්මකව ගත්තොත් ජනතාවගේ බෝ නොවන රෝග ප්‍රතිශතය 15%ත් 20% අතර වෙනවා. නමුත් මේ අතරින් පොලිස් නිලධාරින්ගේ බෝ නොවන රෝග ප්‍රතිශතය එම ප්‍රමාණයට වැඩිය 5%ත් 10%ත් අතර ප්‍රමාණයකින් වැඩිවෙනවා. මේ නිසා මෙම විෂන් 2020 නියමු ව්‍යාපෘතියෙන් ඇස් පරික්ෂාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබපු ආරාධනයෙන් පොලිස්පතිතුමා මේ සඳහා නියෝග ලබාදීලා තියෙනවා, පොලිස් නිලධාරීන් ට ඉදිරි මාස තුන තුළදී මෙම රට පුරා පවත්වන වැඩසටහනට නිලධාරීන් ගේ සහභාගිත්ව අපේක්ෂා කරනවා.”