Spread the love

දාසය හැවිරිදි තරුණයකු පැහැරගෙන ගොස් ලිංගික අඩත්තෙට්ටම් කළ මාතර අකුරැස්ස පොලිසියේ සැරයන්වරයකුගේ වැඩ තහනම් කිරීමට මාතර පොලිස් අධිකාරිවරයා පියවර ගෙන ඇත. මාතර පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් මොහු අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙසේ වැඩ තහනම් කර ඇත.

මෙම පොලිස් සැරයන්වරයා මෙම තරුණයාව මෙසේ රැගෙන ගොස් ඇත්තේ මාතර දුම්රිය පළේ සිටිය දී බව පොලිස් මූලස්ථානයට තොරතුරු ලැබී ඇත.

මෙම සැරයන්වරයා සිවිල් ඇඳුමෙන් සැරසී සිටි අතර මෙම තරුණයා සමීපයට ගොස් ‘උඹ තමයි මම හොය හොයා සිටියේ’ යැයි කියමින් ඔහුව පොලිසියේ හැඳුනුම්පත පෙන්වා දුම්රිය මාර්ගයේ පාළු ස්ථානයකට කැඳවා ගෙන ගොස් ලිංගික අඩත්තේට්ටම් කර ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.

මෙම තරුණයා එම ස්ථානයෙන් පලාගොස් තම ඥාතියෙකුගේ නිවසට පැමිණ මේ පිළිබඳව ඔවුන්ට දැනුම් දී තිබේ. මාතර පොලිසිය මගින් මෙම තරුණයා අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කර ඇති අතර ඔහුගේ සිරුරේ සීරීම් තුවාලයක් පෙනෙන්නට තිබෙන බව අනාවරණය කර ඇත.

මෙම සැරයන්වරයා මාස දෙක තුනකින් පොලිස් සේවයෙන් විශ්‍රාම යෑමට නියමිතව සිටි නිලධාරියෙකි.