මහනුවර කටුගසේතොට පාලමෙන් තරුණියක් මහවැලි ගඟට වැටීමත් සමගින් ප්‍රදේශවාසීන් ඒ අසළ රාජකාරියේ නිරත පොලිස් නිලධාරයාව දැණුවත් කර තිබේ.
වහාම ක්‍රියාත්මක වු පොලිස් නිලධාරිය තම ජීවිතය ගැන නොසිතාම මහවැලි ගඟට පැන අදාල තරුණියගේ දිවි බේරා ගැනීමට සමත්වි තිබේ.
අද අනුන්ගේ දේ කඩාවඩා ගන්නා යුගක මෙවැනි සත් ක්‍රියාවක් සිදු කළ පොලිස් නිලධාරීය මුළු පොලීසියට කීර්තිනාමයක් ගෙනදි තිබේ.
එසේ දිවි පරදුවට තබා තරුණිය බේරා ගෙන ඇත්තේ ඊයේ(10) සිය රාජකාරියේ නිරත පොලිස් කොස්තාපල් හේරත් (103984) නැමැති අයෙකි. පොලිසියව නොයෙක් චොදනා එල්ලවන යුගයක මුළු පොලිස් දෙපාර්තුමේන්තුවටම කීර්ති නාමයක් ගෙන දුන් මෙවැනි පොලිස් නිලධාරින් ඇගයීම ලක්කල යුතුයි.
මෙලෙස දිවි බේරාගත් තරුණිය වයස අවුරුදු 21ක් වන කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිකාරියකි.
එම තරුණිය මේ වනවිට වැඩිදුර ප්‍රතිකාර සඳහා කටුගස්තොට රෝහලට ඇතුළත් කර තිබේ.
පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ මෙම සිදුවීම ඊයේ (10) දහවල් කාලයේදී සිදුවී තිබූ බවය.