Spread the love

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබු යතුරුපැදියක් මුදාහැරීම සඳහා සහායවීමට මුදල් අල්ලසක් ලබාගැනීමට යාමේදී මතුගම පොලීසියට අනුයුක්තව රාජකාරි කරන සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති බව කළුතර උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මතුගම පොලීසියට අනුයුක්තව මතුගම අධිකරණයේ රාජකාරියේ නියුතු පොලිස් සැරයන්වරයෙකි.