Spread the love

අඹතලේ ප්‍රධාන ජල පොම්පාගාරයේ සිට ජුබිලි කණුව දක්වා ජලය ගෙන යන ප්‍රධාන නලය පොල්දූව පාලම යට ජල කාන්දුවක් සිදුවීම හේතුවෙන් ඊයේ දිනයේ කොළඹ ප්‍රදේශ ගණනාවකට ජල සැපයුම විසන්ධි වී තිබිණි.

පොල්දූව පාලම යට පිහිටි ජල නල සම්බන්ධ කරන ඇණ විශාල ප්‍රමාණයක් කිසියම් පිරිසක් විසින් ගලවාගෙන යාම මත මෙම කාන්දුව සිදුව තිබින.

එම ජල නල එකිනෙක සම්බන්ධ කර ඇති විශාල ඇණ 48කින් 33ක් මෙසේ ගලවාගෙන ගොස් තිබූ බව ජලසම්පාදන මණ්ඩලය නිලධාරීන් කියා සිටියහ.

ඇණ පමණක් ගැලවීම මත මෙම විශාල ජල නළය කැඩී බිමට වැටීමට ඉඩ තිබූ බවත් එසේ වූයේ නම් පොල්දූව පාලම ද කැඩි යාමේ අවදානමකට ලක්වනු ඇති බවත් ඔවුන් පෙන්වා දුන්හ.

කෙසේ වෙතත් මේ වන විට ජලය සැපයුම යථා තත්ත්වයට පත් කර ඇති අතර ජලනලයට හානි කිරිම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබේ.