Spread the love


නිමල් රාජපක්ෂ-

බදුල්ල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 8.30 කොළඹ කොටුව බලා ධාවනය වු පොඩි මැණිකේ සීඝ්‍රගාමි දුම්රියේ හටගත් ගින්නක් ගිනිනිවන හමුදාවේ නිලධාරීන් පැමිණ ගින්න නිවාදමා ඇත. ගින්න හටගෙන ඇත්තේ අද දහවල් හපුතලේ දුම්රිය ස්ථානයේදී බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරි එම්.ජේ.ඉදිපොලගේ මහතා පවසයි.

එම දුම්රියේ හටගත් ගින්නක් ගිනි නිවන හමුදාවේ ගිනි රථ පැමින ගින්න නිවා දැමීමෙන් පසු පොඩි මැණිකේ දුම්රිය යළි ගමන් ආරම්භ කර මේ වනවිට තලවාකැලේ දිහා සෙමින් සෙමින් ධාවනය කරන බවද නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරි එම්.ජේ.ඉදිපොලගේ මහතා පවසයි.
නමුත් කොළඹ කොටුව දුම්රිය ස්ථානයන් පෙරවරු 9.45 ට බදුල්ල බලා ධාවනය වු උඩරට මැණිකේ දුම්රිය හැටන් කොටගල දුම්රිය ස්ථාන අතර දී මේ වනවිට පිලී පැන තිබේ.
එම දුම්රිය පීලි ගත කරන තුරු දුම්රිය ධාවනය ඇනහිට තිබේ. බදුල්ල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 10.15 කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය පොඩි මැණිකේ දුම්රියට ප්‍රථමයෙන් කොළඹ කොටුව බලා ධාවනය කිරීමට පියවර ගෙන ඇත.
මෙහිදි පොඩි මැණිකේ දුම්රියේ සිටින මගීන් කොටගල දුම්රිය ස්ථානයේදී බදුල්ල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 10/15 ගමන් ආරම්භ කල දුම්රියෙන් රැගෙන එන බද ඉදිපොල ගේ මහතා වැඩි දුරටත් පැවසුවේය.