Spread the love

ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා අදාළ කාර්යමණ්ඩලය සිය රාජකාරී ස්ථානයන් වෙත ඡන්ද පත්‍රිකා සහ ඡන්ද පෙට්ටි සමග අද (20) පෙරවරුවේ පිටත්වී ගොස් ඇතැයි මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

ඡන්ද පෙට්ටි නිකුත් කිරීම අද උදෑසන 7ට පොලිස් ආරක්ෂාව යටතේ ලබාදි තිබෙ.

ඉන් අනතුරුව අද දිනයේදී පෙරහුරුවක් පැවැත්වීමට ද සැලසුම් කර තිබේ.

හෙට (21) උදෑසන 7 සිට පස්වරු 4 දක්වා ඡන්ද විමසීමේ කටයුතු සිදු කෙරෙයි.

ඡන්දදායකයින් 17,140,354 ක් දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය.