Spread the love

පවතින පාලනය වෙනස් කර ජනතාව විසින් විසින් සජිත් ප්‍රේමදාස මහතාට හෝ අනුර දිසානායක මහතාට බලය ලබා දුනහොත් 2025 වසරේ පෙබරවාරි මාසය වන විට යළිත් පෝලිම් යුගයකට යාමට සූදානමින් සිටින ලෙස ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

කොළඹදී පැවති නීතීඥ හමුවක් අමතමින් ඔහු පැවසුවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වන ගිවිසුම සංශෝධනය කිරීමට ගියොත් එවන් ඉරණමක් අත්වීම අනිවාර්ය බවයි.

‘කණ්ඩායම් විදියට අවුරුදු දෙකකින් එය කළා. රටවල් 18ක්, IMF සංවිධානය, ලෝක බැංකුව, ADB සමඟ ගිවිසුමකට ඇවිල්ල තියෙනවා. ඒ අනුව ඉදිරි වැඩ කරන්න තියෙන්නේ. මම අහන්නේ තමන්ගේ ඡන්ද ප්‍රකාශවලින් කියන දේ කළොත් ගිවිසුම් කැඩෙනවා. ඒවට වෙනම මුදල් හොයන්න ඕන. වැට් අඩුකළොත් ආදයම් බදු වැඩිකරන්න වෙනවා. එකක් වෙනස් කරන්න බැහැ. ට්‍රිලියන 5 සොයන ක්‍රමය වෙනස් කළ හැකියි. හැබැයි ඉල්ලක්කයේ ඉන්න ඕන. ඉතින් මේ ඉලක්කේ දෙන්නේ නැතිනම් මොකද්ද වෙන්නේ.