Spread the love

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය දෙසැම්බර් මාසයේ ලැබුණු පසු ජනතාවට පෙබරවාරි මාසයේ තවත් සහන ප්‍රමාණයක් ලබාදීමට හැකිවනු ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හෝ කිසිවෙකුගේ මුදල් අමාත්‍යවරයෙක් ලෙස නොව ජාතික නායකයෙක් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය වගකීම ඉටු කරන බව ද වජිිර අබේවික්‍රම මහතා වැඩි දුරටත් පැවසුවේය.

බංකොලොත් වූ රටක අසීරු අවස්ථාවක මෙම අයවැය ඉදිරිපත් කර ඇති බවද ඒ තුළින් මහජන සහන විශාල ප්‍රමාණයක් ලබාදී ඇති බවද ඔහු පෙන්වා දෙයි.