Spread the love

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ අභාවයෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා එල්.කේ. ජගත් ප්‍රියංකර පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත..

2020 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී පුත්තලම දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ආසන 05ක් හිමිවූ අතර මනාප ලැයිස්තුවේ ප්‍රථමයා වූයේ අභාවප්‍රාප්ත සනත් නිශාන්තයි.

එල්.කේ. ජගත් ප්‍රියංකර එම මනාප ලැයිස්තුවේ 6 වන ස්ථානයට පත්ව තිබූ අතර, ඔහු විමල් වීරවංශගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් නායකයා ලෙස කටයුතු කරයි