Spread the love

නාගොඩ -සුමන

දීප ව්‍යාප්තව සිදු කරන “යුක්තිය”මෙහෙයුමේදී මධ්‍යම රාත්‍රී 12.30 අවසන්වූ ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 838 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතිබව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
ඉන් පුද්ගලයන් 289 දෙනෙකු අපරාධකරුවන්ගෙ ලැයිස්තු ගත පුද්ගලයන් වෙයි.
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 549 දෙනෙකු ද එම කාලය තුළ අත්තඩංගුවට ගෙන තිබේ.
එහිදී පුද්ගලයන් 05 දෙනෙකු සම්බන්ධයෙන් රැදව්ම් නියෝග මත විමර්ශන සිදුකරයි.
ගතවූ පැය 24 තුළ සිදුකර වැටලීම් වලදී අත්තඩංගුවටගත් පුද්ගලයන් 10 දෙනෙකු පුනරුත්ථාපනය සදහා යොමුකර ඇතිබව එම අමාත්‍යංශය සදහන් කරයි.
මේ අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංශයේ සහ විශේෂ කාර්‍යංශයේ ලේඛන ගත සැකකරුවන්ගෙන් 14 දෙනෙකු එම මෙහෙයුම් වලදී අත්තඩංගුවට ගෙන ඇතිබව එම අමාත්‍යංශය පවසයි.
එම මෙහෙයුම් වලදී හෙරොයින් 211g ,ගංජා 16kg600g, අයිස් 78g සහ මත්පෙති 1192 ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය රැසක් සොයා ගෙන ඇතිබව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.