Spread the love

සාමාන්‍ය සේවය යටතේ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු (09) හෙට සිට යළි ආරම්භ කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව එක් දින සේවය හෙට දිනයේ දී ආරම්භ නොවන බව සදහන් කරයි.ඒ අනුව හෙට දිනයේදී පසුගිය 05, 06 සහ 09 යන දිනවලදී සාමාන්‍ය සේවය යටතේ ගමන් බලපත්‍ර ලබා ගැනීමට වේලාවක් වෙන්කර ගත් අයදුම්කරුවන්ගේ අයදුම්පත් භාර ගැනීමට නියමිතයි.
සාමාන්‍ය සේවය යටතේ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අයදුම්පත් භාරදීමට පැමිණ දෙපාර්තමේන්තුව වෙතින් පසුගිය 05 වනදා අංකයක් හෝ මුද්‍රාවක් ලබාගත් අයදුම්කරුවන්ගේ අයදුම්පත් ද හෙට දිනයේදී බාර ගැනීමට නියමිතයි.


ලබන (10) අඟහරුවාදා  සිට ගමන් බලපත්‍ර අයදුම්පත්‍ර භාර දීම සඳහා දිනයක් සහ වේලාවක් වෙන් කර ගැනීම අනිවාර්ය වන බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.ඒ සදහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස හෝ 0707101060 යන දුරකථන අංකය අමතා දිනයක් හෝ වේලාවක් වෙන් කරගත හැකිය.

පරිගණක පද්ධතියේ හදිසි අලුත්වැඩියාවක් හේතුවෙන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු පසුගියදා තාවකාලිකව අත්හිටුවීය.
එක් දින සේවය ද යළි ආරම්භ කිරීම සඳහා මේ වන විට තාක්ෂණික කාර්ය මණ්ඩලය යුහුසුලුව ක්‍රියා කරමින් සිටින බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.