Spread the love

වත්මන් ආරක්ෂක ලේකම් රවී සෙනවිරත්න හා ශානි අබේසේකර යන මහත්වරුන් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පැවැත්විය යුතු බවට පාස්කු ප්‍රහාර සම්බන්ධ සිදුකළ විමර්ශනයේදී නිර්දේශ කර ඇතැයි හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කරයි.

එබැවින් කතෝලික ජනතාවට සාධාරණයක් ඉටු කරන ලෙස වත්මන් ජනාධිපති අනුර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසුවේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන සාකච්ඡාව පිළිබඳව අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසුවේය.