පාස්කු ඉරුදින දේව මෙහෙයන් පැවැත්වෙන හෙට (31) දිනයේ සියලු කිතුනු දේවස්ථාන ආශ්රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙනඇත.
දේව මෙහෙය අවසන් වී සියලු බැතිමතුන් සිය නිවෙස් වෙත ගමන් කෙරෙන තෙක් හෙට පස්වරුව දක්වාම මෙම ආරක්ෂක වැඩපිළිවෙළ ක්රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ඊයේ දිනට යෙදී තිබූ මහා සිකුරාදා දින දේව මෙහෙයන් ආරම්භයේ සිටම එම ආරක්ෂක වැඩපිළිවෙළ ක්රියාත්මක වූ අතර එය හෙට දිනයේ දී තවත් තර කර තිබේ.
.