Spread the love

පාසල් ළමුන් ප්‍රවාහනය තවදුරටත් සිදුකරගෙන යාමට ණය මුදලක් ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති මල් ශ්‍රී ද සිල්වා මහතා පැවසීය.

පවතින ආර්ථික තත්ත්වය හමුවේ සිය වාහන නඩත්තු කර ගැනීමට නොහැකි වීම ඊට හේතුවී තිබේ.

ඒ අනුව මේවන විට බොහෝ පාසල් වෑන් රථ බොහෝ අඩු පාඩු මත දරුවන් පාසල් වෙත ප්‍රවාහනය කරයි.

ඒ හේතුවෙන් මීට පෙර ලබාදුන් පරිධි සහනදායි ණයක් හෝ ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටියි.

මේ අතර ඉන්ධන මිල සංශෝධනය අනුව ජුනි 30 වනදා සිට පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල ගණන් පහළ දැමුවද සුදු ඩීසල් මිලෙහි වෙනසක් සිදු නොවීය.

ඒ අනුව ප්‍රවාහන ගාස්තු අඩු කළ නොහැකි බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.