Spread the love

සෑම පාසලකම මීටර් 500 ක සීමාවේ ළමයින්ට අහිතකර දෑ අලෙවි කරන සියලු ස්ථාන නැවත පාසල් ආරම්භ කරන විට ඉවත් කිරීමට කටයුතු කරන බවයි වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.

උත්සවයක් අමතිමින් ඔහු සඳහන් කළේ.පාසල් අවට ළමයින්ට අහිතකර දේවල් අලෙවි කරන සියලුම ස්ථාන මීළ​ඟ පාසල් නිවාඩුව නිමවන විට ඉවත්කරන බවයි

ඒ අනුව එවැනි ස්ථාන මීළඟ පාසල් නිවාඩු කාලය තුළදී පරීක්ෂා කර ඉවත් කිරීමට පොලිස් ප්‍රධානීන් වෙත උපදෙස් ලබාදුන් බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැඩිදුරටත් සඳහන් කළේ.