නාගොඩ-සුමන
නිසි සැලසුමක් නොවීම හේතුවෙන් නෙදර්ලන්ත ආධාර මත ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබු අතරම මග තනර වී තිබෙන පාලම් ව්‍යාපෘති මේ වසර තුළ අවසන් කරන බව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා පැවසීය.
2021 වසරේ ආරම්භ කර මෙම ව්‍යාපෘතිය 2024 වසරේ අවසන් කිරීමට නියමිතව තිබිණි.
ව්‍යාපෘතිය මගින් පෙර සවි පාලම් 162ක් සවිකිරීමට නියමිතව තිබිණි.
ඒ සඳහා රුපියල් මිලියන 14112 මූල්‍ය ආධාරයක් නෙදර්ලන්ත රජය විසින් සිදුකර තිබේ.
ඉන් 35% ප්‍රධානයක් ලෙස ලබාදී තිබේ.
එහෙත් ඉන් සම්පූර්ණයෙන් ඉදිකිරීමට හැකිව ඇත්තේ පාලම් 101ක් බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
පාදම කොටස පමණක් ඉදිකර ඇති පාලම් 35ක් තිබේ.
පාදම ඉදිකිරීම් ආරම්භ කර ඇති පාලම් 16ක් ඇතිබව පැවසීය.
කිසිදු මැදිහත් වීමක් සිදුකර නොමැති පාලම් 12ක් ඇතිබව එහිදී පැවසීය.
මෙම වසර තුළ එම පාලම් ව්‍යාපෘති ඉදිකර අවසන් කරන බව වැඩිදුරටත් පැවසීය.